කොරෝනා පරදවන භයානක මරණයක් අත්කර දිය හැකි නව වෛරසයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

කොරෝනා පරදවන භයානක මරණයක් අත්කර දිය හැකි නව වෛරසයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීම්

කොරෝනා පරදවන භයානක මරණයක් අත්කර දිය හැකි නව වෛරසයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීම්

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය පළමුව වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් දරුණු ආකාරයේ වෛරසයක් පිළිබඳව අනතුරු අඟවා සිටියි. 

 

කොවිඩ් වසංගතයට එරෙහිව සමස්ත ලෝකයම සටන් වදිමින් සිටින මොහොතක වීම විශේෂත්වයකි.

 

අලු‍තින් සොයාගෙන ඇති මෙම වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් සහිත මෙන්ම වැඩි මරණ අනුපාතයක් ඇති කිරීමට සමත් බව චීන විද්‍යාඥයින් පිරිස සිය වාර්තාව මගින් පෙන්වා දෙයි.

 

නව වෛරසය චීන විද්‍යාඥයින් විසින් NeoCoV ලෙස නම්කර ඇති අතර එය දකුණු අප්‍රිකාවේ වෙසෙන් වවුලන් ගෙන් හමුව තිබේ. 

 

මෙම වෛරසය මැදපෙරදිග රටවලින් 2012-2015 යන කාලයන් තුල වාර්තාවූ  ”‍මර්ස් (MERS-CoV)”‍ නම් වූ වෛරසයේ විකෘතියක් ලෙස ඔවුන් හෙළිකර ගෙන ඇත.

 

මෙම NeoCoV වෛරසය ආසාදනය වන සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු මරණයට පත්වීමේ හැකියාවක් පවතින බව චීන විද්‍යාඥයින් අනතුරු අඟවා සිටී.

views

703 Views

Comments

arrow-up