හොරෙන් කෑ මගුලක් නිසා ගමක් වහයි - මනාල යුවල ඇතුලු සහභාගී වූ 52කට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

හොරෙන් කෑ මගුලක් නිසා ගමක් වහයි - මනාල යුවල ඇතුලු සහභාගී වූ 52කට කොරෝනා

හොරෙන් කෑ මගුලක් නිසා ගමක් වහයි - මනාල යුවල ඇතුලු සහභාගී වූ 52කට කොරෝනා

ගලෙන්බිදුනුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පහළ දික්වැව ගම්මානයේ  පුද්ගලයින් 52කට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමෙන් එම ගම්මානය හුදකලා කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

 

ගලෙන්බිදුනුවැව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට ඉහතදී එම ගම්මානයේ නිවසක සෞඛ්‍ය අංශ දැනුවත් නොකොට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ද නොසලකා පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගිවූවන් අතරින් පිරිසක් ආසාධිතයින් අතර සිටින බවයි.

 

පවුල් 250 ක පුද්ගලයන් 756 ක් සිටින මෙම ගම්මානයේ වැඩි දෙනකු ඥාතීන් බවත් ඒ අතරින් 150 කට වැඩි ප්‍රමාණයක් විවාහ මංගල උත්සවයට සහභාගිවී තිබෙන බවත් පොලිසිය කළ සොයා බැලීම් වලදී අනාවරණයවී ඇත.

 

විවාහ මංගල උත්සවයට සහභාගිවූවන් අතරින් කිහිප දෙනකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉකුත් 30 වනදා ඔවුන්ගෙන් හයදෙනකු සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකොට ඇත. 

 

ඒ හයදෙනාටම කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුවීම නිසා 31 වැනිදා තවත් ගම්වැසියන් 72ක් තෝරාගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බවත් ඉන් 33 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුවූ බවත් කි ඒ මහතා, ඒ අය අතර මනාලයා , මනාලිය සහ මනාලයාගේ මවද සිටින බව පැවසුවේය.

views

855 Views

Comments

arrow-up