අබුඩාබි හි ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අබුඩාබි හි ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

අබුඩාබි හි ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේය.

 

ඇය සමග මෙම ගින්නට හසුවූ තවත් 5 දෙනෙකු ද මියගොස් තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියක් බවත් ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේ ය. 

views

208 Views

Comments

arrow-up