MAY
19
කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

අද (19) රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 08.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කෝට්ටේ, කඩුවෙල,මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලටය. මීට අමතරව කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලටද එම කාලය තුළ ජල සැපයුම අත්තිටුවනු ඇත.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
231 Views
Comments