නීතියෙන් පිට පනිමින් රජයේ අධිකාරියකට සේවකයින් බඳවා ගැනීමට සැරසේ

රජයේ ආයතන සඳහා නව සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබෙන පසුබිමක, ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් ලෙස විශාල සේවක පිරිසක් බඳවාගැනීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.
ඒ වෙනුවෙන් නම් දෙක බැගින් එවන ලෙසට එම අධිකාරිය අයත් අමාත්‍යංශය විසින් ආණ්ඩුවේ ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයිද ආරංචි මාර්ග වාර්තා කර සිටී.
දැනටමත් මෙම අධිකාරියේ විශාල සේවක පිරිසක් අතිරික්තව සිටියදීන අතර, රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යංශ ඇතුළු රජයේ සියලුම ආයතන වල වියදම් දැඩි ලෙස සීමා කරමින් හා නව බදවා ගැනීම් අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛ නිකුත් කර ඇති අවස්ථාවක සිදුකිරීමට යන මෙම අනර්ථකාරී ක්‍රියාවේ පදනම කුමක්දැයි එම අධිකාරියේ සේවකයෝ ප්‍රශ්න කොට සිටිති.
256 Views
Comments