ඉදිකිරීම් ක්ෂේත්‍රය රැක ගන්න ජනපතිගෙන් කමිටුවක්

ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වාගෙනයාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ලැබීය.
187 Views
Comments