සෞඛ්‍ය සංගම් කිහිපයකින් රතු එළි

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 09 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ.
අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති 16ක් සහභාගී වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ, පෞද්ගලික පරමාර්ථ සපුරා ගැනීම සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ නොවන බවය.
706 Views
Comments