31 වනදා සිට පළාත් සංචරණ සීමා ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

31 වනදා සිට පළාත් සංචරණ සීමා ඉවතට

31 වනදා සිට පළාත් සංචරණ සීමා ඉවතට

කොවිඩ් 19 පාලනය සඳහා පනවනු ලැබූ පළාත් අතර සංචරණ සීමා ලබන 31 වැනිදා අලු‍යම 4ට  ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේය.

 

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(22) පෙරවරුවේ රැස්වූ අතර ජනාධිපතිවරයා මේ තීරණය දැනුම් දුන්නේ ඒ රැස්වීමේදීය.

 

ඒ අනුව පළාත් අතර සංචරණ සීමා මාස දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්මක විය.

views

736 Views

Comments

arrow-up