වැලි ගොඩ දැමීමේ නිරත අයටත් රක්ෂණ ක්‍රමයක්

නව රක්‍ෂණ ක්‍රමයක් වැලි ගොඩදැමීමේ නිරතවන කම්කරුවන් වෙනුවෙන් හඳුන්වාදීමට සහ සහන රැසක් ලබාදීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
පළමු අදියර යටතේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශ තාක්‍ෂණ සේවා සමාගම (GSMB Technical Services) යටතේ මහවැලි ගඟේ වැලි ගොඩදැමීමේ නිරත වන කම්කරුවන් සඳහා සහන ලබාදීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.
ඒ අනුව කම්කරුවෙකුගේ මරණයකදී රුපියල් 10,00,000 තාවකාලික ආබාධිතභාවයට පත් වූ අවස්ථාවක රුපියල් 550,000ක්, සදාකාලික ආබාධිත තත්ත්වයක දී හා කොවිඩ් 19 ඇතුළු බෝවන රෝගයක් ඇති වු අවස්ථාවල රුපියල් 10,00,000ක මුදලක් ලබා දීමට යෝජනා වී ඇති අතර ඔවුන්ගේ දරුවෙක් 05 ශ්‍රේණිය, ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි විභාග සමත්වූ විට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන්වන තෙක් මාසිකව රු.5000 බැගින් ශිෂ්‍යත්ව මුදලක් ලබාදීම, දීර්ඝ කාලයක් තිස්සේ වැලි ගොඩදැමීමේ නිරත වන තෝරාගත් කම්කරුවන් සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 15ක් වටිනා නිවාස දෙකක් බැගින් ඉදිකරදීමටත් තීරණය කර තිබේ.
754 Views
Comments