පරිභෝජනයට නුසුදුසු බාස්මතී සහල් තොගයක් වරායෙන් අල්ලයි

පාකිස්තානයේ සිට පෞද්ගලික ආනයනකරුවෙකු විසින් ආනයනය කළ බව කියන භාස්මතී සහල් කන්ටෙනර් 40ක් පරික්ෂාවට ලක් කළ සෞඛ්‍ය අංශ එම සහල් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින බවට තහවුරු කරගෙන තිබේ.
සහල් තොගය පිළිබඳව සැක සිතූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආහාර පාලන ඒකකය මගින් මේවා පරික්ෂාවට ලක්කර ඇති අතර එහි කෘමීන් විශාල ප්‍රමාණයක් සිටිනු දක්නට ලැබුණු බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
එම කන්ටේනර් 40න් කන්ටේනර් 9ක් රැගෙන ගොස් වත්තල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඒවා පරීක්ෂා කළ සෞඛ්‍ය අංශ එම ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කළ බවද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියා සිටියේය.
මේ ආකාරයට කල් ඉකුත්වූ සහල් තොට වරායේ ඇත්දැයි සොයා බලන බවද සෞඛ්‍ය අංශ පවසයි.
මෙම සහල් තොග අලෙවි කිරිමට රැගෙන එන්නට ඇතැයි සැකකරයි.
735 Views
Comments