පත්තෑයාට බිළි වී නිදියහනේම මිලින වූ පුංචි මල්කැකුළ

මුන්දලම, දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක කුඩා බිළිඳෙකුට පත්තෑයෙකු දෂ්ඨ කිරීමෙන් අනතුරුව නිදියහනේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ මුන්දලම අගුණවිල දේවාල හංදිය ප්‍රදේශයේ පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයස වූ මිරිසගේ සිතූප දිලුම් සචිත්‍ර නැමැති බිළිදෙකි.
මරණයට පත් බිළිඳා මව සහ වැඩිමහල් සහෝදරියන් සමඟ එකම ඇඳක නිදා සිට ඇති අතර පියා වෙනම ස්ථානයකත් නිදා ඇත.
අලුයම අවදිවී මව විසින් සිය දරුවාගේ නිහඩතාවය පරීක්ෂා කිරීමේදී ශරීරය සීතලව තිබූ බව දෙමව්පියෝ පවසති.
ඉන් පසුව දරුවා රෝහලට රැගෙන ගොස් ඇති තිබෙන අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග බවසයි.
අනතුරුව දරුවාගේ පියා නිවසට පැමිණ දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කර බැලීමේදී එහි තරමක් විශාල පත්තෑයෙකු සිට ඇති බව පොලිසියට කියා තිබේ.
කිසියම් සතෙකු සූරා ඇති අයුරු දරුවාගේ පිට පුරාද දක්නට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණය අද(22) දින සිදු කිරීමට නියමිතයි.
85736 Views
Comments