මුල් පෙළේ අයට 01 වැනිදායින් පසු බූස්ටර් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

මුල් පෙළේ අයට 01 වැනිදායින් පසු බූස්ටර් එන්නත

මුල් පෙළේ අයට 01 වැනිදායින් පසු බූස්ටර් එන්නත

කොවිඩ් මර්දන කටයුතුවල නිරතවී සිටින සෞඛ්‍ය, ආරක්ෂක යනාදී අංශවල ඉදිරිපෙළ  සාමාජිකයන් සඳහා බූස්ටර්(තෙවැනි මාත්‍රාව) එන්නත ලබාදීම ලබන මස 01 වැනිදායින් පසු ආරම්භ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද(22) පෙරවරුවේ පැවැත්විය. 

 

එම රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

views

734 Views

Comments

arrow-up