උණ්ඩ 401ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

උණ්ඩ 401ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

උණ්ඩ 401ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මුලතිව්, පුදුමාතලන්හි නිවසක් තුළ සඟවා තිබූ ටි.56 පතරොම් 401ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටගත් බව මුලතිව් පොලිසිය පවසයි.

 

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබූ ජීව පතරොම් සහ කේරළ ගංජා ග්‍රෑම් තුනක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

 

සැකකරු විසින් දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බවත් පොලිසිය පැවසීය.

 

සොයාගත් ජීව පතරොම් පසුගිය යුද සමයේදී එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ පතරොම් බවට සැක කෙරන අතර සැකකරු එම ජීව උණ්ඩ සඟවාගෙන සිටියේ කුමන අරමුණක් සඳහාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

අත්අඩංගුවටගත් සැකකරු මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු වන අතර පොලිසිය සොයාගත් පතරොම්වලින් කොටසක් දිරාපත්ව තිබුනු බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

views

698 Views

Comments

arrow-up