මරණයෙන් කෙළවර වූ බහින්බස්වීම
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

මරණයෙන් කෙළවර වූ බහින්බස්වීම

මරණයෙන් කෙළවර වූ බහින්බස්වීම

දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයෙකු කාණුවකට තල්ලු‍ කිරීමෙන් කාණුවට ඇදවැටී මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා මියගොස් ඇතැයි පොලීසිය කියයි.

 

කාණුවට වැටුණු පුද්ගලයාගේ හිස එහි වැවීමෙන් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි වාර්තාවේ.

 

අවුරුදු හැත්තෑ එකක් වන ධීවර කාර්යාලවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබේ.

 

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 26ක පුද්ගලයෙකු වන අතර ඔහුව මේවන විට  පොලිසිය විසින අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු අද(15) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් පවසයි.

views

751 Views

Comments

arrow-up