MAY
12
කොග්ගලින් ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් දැලේ

විශේෂ කාර්ය බළකාය විසින් කොග්ගල ප්‍රදේශයේ කළ වැටලීමකදී ගිනි අවියක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුව ට ගෙන තිබේ.
මිලිමීටර් නමය උණ්ඩ යෙදිය හැකි ගිනි අවිය සහ ජීව උණ්ඩ 09 ක් මෙලෙස සොයාගෙන ඇත.
විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ සංවිධානාත්මක අපරාධ වැටලීම සඳහා වූ විශේෂ මෙහෙයුම් ඒකකය ට ලැබුණු තොරතුරක් අනුව කොග්ගල ප්‍රදේශයේ නිවසක මෙම වැටලීම සිදුකර ඇත.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ ගිනි අවිය පොලීසිය ට භාර දී තිබේ.
233 Views
Comments