ඇළකට වැටී පුද්ගලයෙක් මරුදකී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ඇළකට වැටී පුද්ගලයෙක් මරුදකී

ඇළකට වැටී පුද්ගලයෙක් මරුදකී

වස්කඩුව සමගිපුර මහ ඇළේ වැටී පුද්ගලයෙකු මියගොස් සිටියදී අද (23) උදෑසන හමුවූ බව කළුතර  උතුර පොලීසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව, නුගගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

 

ඊයේ(22) රාත්‍රි ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඇළේ ජලමට්ටම ඉහළ ගොස් තිබී ඇති අතර අද උදෑසන ජලය තරමක් බැස යනවිට පුද්ගලයෙකු වැටී සිටිනු දැක පොලීසිය දැනුවත් කර ඇතැයි සඳහන් වේ.

 

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මළසිරුර ගොඩගෙන ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

203 Views

Comments

arrow-up