කුඩ්ඩන් සමඟ නිල ඇඳුමින් මුදල් ගැරූ හමුදා ලාන්ස් කෝප්‍රල් මාට්ටු

මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන්ට පොත් හා පාසල් උපකරණ ලබා දීමට යැයි පවසා හමුදා නිල ඇඳුමින් සැරසී තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ ආධාර මුදල් එකතු කරමින් සිටි ලාන්ස් කෝප්‍රල්වරයකු දෙහිවල මල්වත්ත පාරේ දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව ඇප මත සිටින්නන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ලාන්ස් කෝප්‍රල්වරයා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රොක් හවුස් කඳවුරේ උපදේශකවරයකු ලෙස පසුගිය 31 වෙනි දින දක්වා සේවය කළ අයකු බවත් පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී එලෙස එකතු කරන ලද රුපියල් 1050 ක මුදලක් හා මුදල් භාරගත් බවට සටහන් කරන ලද පොතක් ද පොලිස් බාරයට ගෙන ඇත.
307 Views
Comments