බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යෑමට උත්සාහ කළ 48ක් කොටුවෙයි

නීතිවිරෝධී අයුරින් ඔස්ට්‍රේලියාව වෙත යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබේ.
අදාළ යාත්‍රාවේ පිරිමි පුද්ගලයින් 52ක් සහ කාන්තාවන් දෙදෙනෙක් ඇතුලත්ව පුද්ගලයින් 54ක් සිටි බව එම නිලධාරීන් පැවසීය.
එම පිරිස වයස අවුරුදු 16ත් 52ත් අතර කුඹුරුපිටිය, වාලච්චේන, මුලතිව්, නිලාවේලි, උප්පුවේලි, යාපනය, ත්‍රිකුණාමලය, පානගමුව, මඩකලපුව, එරාවුර්, පුත්තලම හා කුච්චවේලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව ත්‍රිකුණාමලය වරාය පොලීසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම 54 දෙනාගෙන් 6 දෙනෙක් ජාවාරම්කරුවන් ලෙස හඳුනාගත් බවත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ජුලි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර බවටත් පොලීසිය සදහන් කර සිටී.
257 Views
Comments