නොරෝච්චෝල අවුල අස්සේ මාස දෙකක්ම පැය දෙකහාමාරක් විදුලිය කැපෙයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා වසා දැමුණු නොරොච්චෝලේ ගල් අගරු බලාගාරය නැවත විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන තුරු පැය දෙකහමාරක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මෙම බලාගාරයේ වසර 5 කට වරක් සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉකුත් සති අන්තයේ වසා දැමීමත් සමඟ ඉන් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන මෙගාවොට් 300 ක පමණ ධාරිතාවක් අහිමි වී තිබෙනවා.
මෙම බලාගාරයේ නඩත්තු කටයුතු චීන ඉංජිනේරුවන් විසින් සිදු කෙරෙන අතර මෙම නඩත්තුව ඉකුත් වසරේ කිරීමට තිබුණද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් ගොස් තිබු බවද අමාත්‍යවරයා කියාසිටිනවා.
බලාගාරයේ නඩත්තු කටයුතු සදහා දින 75 ක පමණ කාලයක් ගත වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ
239 Views
Comments