අක්කාට කරදර කරන්න ආ මස්සිනා මල්ලීගේ පොලු පහරින් අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

අක්කාට කරදර කරන්න ආ මස්සිනා මල්ලීගේ පොලු පහරින් අවසන් ගමන් යයි

අක්කාට කරදර කරන්න ආ මස්සිනා මල්ලීගේ පොලු පහරින් අවසන් ගමන් යයි

පුල්මුඩේ අර්පත් නගරයේ නිවසක පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ සහෝදරයෙකු පහර දීමෙන් පුද්ගලයෙකු (මස්සිනා) පෙරේදා (21) ඝාතනය කර තිබේ.

 

බිරිඳ සමඟ මේ පුද්ගලයා නිතර නිතර ආරවුල් ඇතිකර ගෙන බිරිඳට පහරදීම නිසා කෝපයට පත් එම කාන්තාවගේ බාල සහෝදරයා පොල්ලකින් පහරදීමෙන් ඔහු මිය ගොස් ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ පුල්මුඩේ අර්පත් නගරයේ පදිංචිව සිටි ඒ. ජී. සදාම් නමැති 28 හැවිරිදි පුද්ගලයෙකි.

 

පහර කෑමෙන් තුවල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 

පුල්මුඩේ පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වයි.

views

382 Views

Comments

arrow-up