යාපනයේ සිට මාතරට පාගමනින් යන නේපාල තරුණයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

යාපනයේ සිට මාතරට පාගමනින් යන නේපාල තරුණයා

යාපනයේ සිට මාතරට පාගමනින් යන නේපාල තරුණයා

නේපාලයේ සිට පැමිණි අයි බහදූර් නැමැති 27 හැවිරිදි තරුණයෙකු පාගමනින් යාපනයේ සිට මාතර බලා ගමන් ගන්නා අතරතුර ඊයේ(04) උදෑසන මීගහකිවුල නගරයට පැමිණියේය. 


ශ්‍රී ලංකාව සාර්ක් කලාපයට අයත් රටක්වීම නිසාත් විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන විවිධ සිරිත් විරිත් ඇති මිනිසුන් මුණගැසීමට ඇති ආසාව නිසාත් තමා මෙම ගමන සඳහා ශ්‍රී ලංකාව තෝරා ගත් බව ඔහු සඳහන් කරයි.


පසුගිය ඉකුත් අප්‍රේල් මස 15 වන දින යාපනයේ සිට ගමන ආරම්භ කළ බවත් මේ වන විට දින 19 ක් තමන් පාගමනින් පැමිණි බවත් බහදූර් පැවැසීය.

 

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පාගමනින් ඉන්දියාවේ බැංගලෝරයටත් බැංගලොරයේ සිට ගුවන් මගින් කොළඹටත් පැමිණ එතැනින් දුම්රියෙන් හා බස් රථයකින් යාපනයට පැමිණ යාපනයේ සිට පා ගමන ආරම්භ කර තිබේ.

යාපනයේ සිට මාතර දක්වා පාගමනින්ම යෑම තම අරමුණ බවත් එම ගමනේදී මගතොටේ හමුවන විවිධ භාෂාවන් කතාකරන විවිධ ආගම් අදහන මිනිසුන් මුණ ගැසී ඔවුන්ගේ සිරිත් විරිත් චර්යා රටාවන් අධ්‍යයනය කිරීම තමඅරමුණ බවත් හෙතෙම පැවසීය.


දිනකට කිලෝ මීටර් 20-50 ත් අතර දුර ප්‍රමාණයක් තමා පා ගමනින් පැමිණ මගතොටේ හමුවන නගරවල ඇති සාමාන්‍ය ආපනශාලා වලින් ආහාර ගෙන සාමාන්‍ය හෝටල්වල නැවතී යළි ගමන් අරඹන බවද හෙතෙම කියා සිටියේය.

views

687 Views

Comments

arrow-up