ලක්ෂ 150කට අධික සුදු හඳුන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක්කොටි හැටලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් සුදු හඳුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් උඩවලව, කොළඹගෙආර ප්‍රදේශයේදී පසුගිය 26 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව, මිරිස්වැල්පොත හංදිය, කොළඹගෙආර ලිපිනයේ පිහිටි බ්ලොක් ගල් නිෂ්පාදනය කරන වැඩබිමක නීති විරෝධී ලෙස තිබී මෙලෙස සුදු හඳුන් ශාක කොටස් කිලෝ 787ක් අත්අඩංගුවට ගෙන ඇත.
සුදු හඳුන් ශාක කොටස් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 හා 47 පසුවන පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සුදු හඳුන් ශාක කොටස් හා සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය අඩවි වන කාර්යාලය වෙත භාර දී තිබේ.
643 Views
Comments