“ගෑස් තොග අවසන්, 25 දක්වා ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට බෑ” - ලිට්‍රෝ දන්වයි

ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට සැපයීම ලිට්‍රෝ සමාගම නවතා දමනු ලැබුවේ, පසුගිය 12 වැනිදා සිට වන අතර දැන් ඔවුන් දන්වා තිබෙන්නේ ලබන 25 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි වන බවයි.
ලබන 25 වැනිදා හා 26 වැනිදා ගෑස් මෙට්‍රික් ටොන් 3600 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට සේන්දු වීමට නියමිත නිසා ඉන්පසු ප්‍රශ්නය විසfඳනු ඇතැයිද දන්වා තිබේ.
කෙසේ වුවද කර්මාන්ත ශාලා, රෝහල්, ආදාහනාගාර වැනි අත්‍යශ්‍ය සේවා සඳහා ගෑස් නිකුත් කිරීම අඛණ්ඩ සිදු කරන බවද ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.
615 Views
Comments