මිලානෝ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස බන්දු සමරසිංහ පත් කර ඇති බවට පැතිරෙන කතාව මෙන්න

ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල්වරයා ලෙස සුප්‍රකට ප්‍රහසන නළු බන්දු සමරසිංහ පත් කිරීමට සුදානම් බවට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.
මිට පෙර එම තනතුර සඳහා ප්‍රසිද්ධ ගායිකාවක් වන නීලා වික්‍රමසිංහ මහත්මිය පත් කෙරුණු අතර, එතුමිය පත්වීම ලබා දින කිහිපයකට පසුව ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වුවා.
මේ හේතුවෙන් දැනට පුරප්පාඩු වී ඇති එම ධුරය සඳහා බන්දු සමරසිංහ ගේ නම යෝජනා වී ඇති බවයි ආරංචි මාර්ග වාර්තා වන්නේ.
කෙසේ වුවත් මෙම පත්වීම සිදුනොකරන ලෙස ඉතාලියේ වෙසෙන ලාංකිකයින් ගෙන් බහුතරයක් දෙනා ඉල්ලීම් සිදුකර ඇති බවද සඳහන් වනවා.
මේ සම්බන්ධයෙන් දැන ගැනීමට අපි බන්දු සමරසිංහ මහතාව සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.
2774 Views
Comments