බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකා රුපියල පහලටම දමයි - ලෝකයේ දුර්වලම මුදල් ඒකකය බව කියයි

ලොව දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම නිසා දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අවප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතුව වී ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව කියයි.
රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව එම සඟරාව පෙන්වා දී ඇත.
640 Views
Comments