නුගේගොඩ කළහකාරී හැසීරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක් - ජනාධිපති මාධ්‍ය අංශය

නුගේගොඩ, ජුබිලි කණුව අසල උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදින් පිරිසක් විසින් ඊයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඇති කළ බව අනාවරණය වී ඇතැ යි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායාම උද්ඝෝෂණයක නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට යන මාර්ගයේ මෙම විරෝධතාව ඇති කළ බව යි මාධ්‍ය අංශය පවසන්නේ.
මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු අත් අඩංගුඅට ගෙන ඇති බවත් ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදින් බවත් ම නිවේදනයේ සඳහන්.
'අරාබි වනාන්තරයක් මෙරට ඇති කරමු' යන සටන් පාඨය සහිත ව හඟ නඟමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වූ බව යි පැවසන්නේ.
ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමික ව සමාජ මාධ්‍ය භාවිත කරමින් ජනතාව කෝප ගන්වා රට අරාජික කිරීමේ අරමුණෙන් මෙම කළහාකාරී තත්ත්වය සිදු කර ඇති බව අත් අඩංගුවට ගත් පිරිස මඟින් අනාවරණය වූ බවත් සඳහන්.
917 Views
Comments