ගෙදර ලී බඩු විකුණා කුඩු ගසා ඒවා ඉවරවූ පසු පෙම්වතියත් මුදලට විකුණලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

ගෙදර ලී බඩු විකුණා කුඩු ගසා ඒවා ඉවරවූ පසු පෙම්වතියත් මුදලට විකුණලා

ගෙදර ලී බඩු විකුණා කුඩු ගසා ඒවා ඉවරවූ පසු පෙම්වතියත් මුදලට විකුණලා

සිය දෙමාපියන්ගේ නිවාසවල තිබෙන ගෘහ භාණ්ඩ විකුණා හෙරොයින් පානය කිරීමෙන් පසුව, අවට නිවාසද බිඳ මත්කුඩු පානය කර මුදල් නොමැතිකම හේතුවෙන් ඇඟ විකුණා මුදල් සොයා හෙරොයින් පානය කළ කාන්තාවක් සහ ඊට අනුබල දුන් ඇගේ සැමියා පෙරේදා(22) අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නීත්‍යානුකූලව විවාහ නොවී එක නිවසේ ජීවත් වූ අනුරාධපුර ගෙවල් පනස් පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක තරුණියක් සහ වයස අවුරුදු 21ක තරුණයෙකි.

 

අත්අඩංගුවටගත් තරුණයා සහ එම තරුණිය අනුරාධපුර නගරයේ ප්‍රධාන ජාතික පාසල් දෙකක උසස් අධ්‍යාපනය ලැබූ අය බවත්, පාසල් ප්‍රේමය දුර දිග ගොස් අවසානයේ දැනට වසරකට වැඩි කාලයක් අඹු සැමියන් සේ ජීවත් වන බව පොලිසිය කියයි.

 

පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟ මත්කුඩු පානයට තදින් ඇබ්බැහි වී සිටින තරුණයා එම තරුණියද මත්කුඩු පානයට ඇබ්බැහි කරවා ගෙන ඇත. 

 

දෙපාර්ශවයේම තම මවුපියන්ට අයත් නිවාසවල බඩු විකුණා, කුඩු පානය කිරීමෙන් පසුව අවට නිවාස තුනක් බිඳ කුඩු පානය කර පසුව, තරුණයා විසින් එම තරුණිය ගණිකා සේවයේ යොදවා ඇතැයි පොලීසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

923 Views

Comments

arrow-up