බත් පාර්සලය ඉහළ යෑම සමඟ වඩේ සහ පරාටා අලෙවිය ඉහළ යයි

බත් පාර්සලයක මිල ඉහළ යෑමත් සමඟ ආපණ ශාලාවල පරාටා සහ වඩේ අලෙවිය ඉහළ ගොස් ඇති බවට වෙළඳපොල ආරංචි මාර්ග පවසනවා.
ගෑස් මිල, ඉන්ධන සහ විදුලි අර්බුදය හේතු කොටගෙන බත් පාර්සලයක මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව වෙළඳපොලේ බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම නිසා බත් පාර්සලයක මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ.
මෙම අර්බුදයත් සමඟ ආපණ ශාලාවල පරාටා සහ වඩේ අලෙවිය වැඩි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
842 Views
Comments