පැරණි කටුමැටි නිවස කඩද්දී දරුවන් දෙදෙනා බිත්තියට යටවෙයි - අයෙක් මරුට අනෙකාට බරපතළයි

අකුරැස්ස නිල් මැණික්ගම ප්‍රදේශයේ නව නිවසක් ඉදිකිරීමට පසුගිය 30වන දින සවස පැරණි කටු මැටි නිවස කඩා ඉවත් කරන අතරතුර එම නිවසේ සිටි දරුවන් දෙදෙනෙකු බිත්තියකට යටවී ඉන් එක් දරුවෙකු ජීවිතක්ෂයට පත්වී අනෙක් දරුවා බරපතළ තුවාල ලබා තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙන්නේ ඩී. එස්. තරිඳු ඩිල්ෂාන් නමැති අට හැවිරිදි පිරිමි දරුවෙකි.
බිත්තියට යටවී බරපතළ තුවාල ලැබූ අවුරුදු 04ක් වයසැති අනෙක් දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දරුවන් 06දෙනකුගෙන් යුත් මෙම පවුලට විදේශීය පුද්ගලයෙකුගේ ආධාර උපකාර මත නව නිවෙස ඉදිකිරීමට කටයුතු කරමින් තිබී ඇත.
මෙම හදිසි අනතුර පිළිබඳව අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
736 Views
Comments