"අඳුරු අනාගතය පහන් කරන්නට" එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

"අඳුරු අනාගතය පහන් කරන්නට" එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී

"අඳුරු අනාගතය පහන් කරන්නට" එජාප සත්‍යග්‍රහය හයිඩ් පිටියේදී

"අඳුරු අනාගතය පහන් කරන්නට" යන්නෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී තව සුළු මොහොතකින් ඇරැඹීමට නියමිතය.

 

දිවයිනේ සියලු සියළු ප්‍රදේශ නියෝජනය කරමින් කොළඹට පැමිණි ජනතාව සවස 03:30 පමණ වන විට හයිඩ් පිටියට එක්රොක් වූහ.

 

ඩාර්ලි පාර, විහාර මහාදේවි උද්‍යානය, යුනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස සිට සුදු වතින් සැරසුනු සියලු ජාති ආගම්  නියෝජනය කරන ජනතාව නිශ්ෂබ්දව පාගමනින් හයිඩ් පිටිය වෙත පැමිණියහ.

 

සතර අතින් පැමිණි ජනතාව නිසා හයිඩ් පිටියට ඔබ්බෙන් පිහිටි මාර්ග ද පිරී තිබූ අතර මහ මග යන වාහන වලට අවහිරයක් නොවන පරිදි හැකි තරම් හයිඩ් පිටිය ඇතුලට එක්රොක් වන ලෙස ද ජනතාවට නිවේදනය කෙරිණි.

views

1128 Views

Comments

arrow-up