"ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයක ගිලෙමින් පවතිනවා" මහාචාර්ය ස්ටීව් හෑන්ක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇතැයි ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා තම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම සහ ණය ගෙවීම් සිදු කිරීම සමබර නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
එයට විසඳුම ලෙස 1884 - 1950 කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයට ශ්‍රී ලංකාව තුල මුදල් මණ්ඩලයක් පිහිටවිය යුතු බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.
645 Views
Comments