"නිව් යෝර්ක් වලත් ගෑස් නෑ ලංකාව ගැන කවර කතාද" - එස්.බී දිසානායක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

"නිව් යෝර්ක් වලත් ගෑස් නෑ ලංකාව ගැන කවර කතාද" - එස්.බී දිසානායක

"නිව් යෝර්ක් වලත් ගෑස් නෑ ලංකාව ගැන කවර කතාද" - එස්.බී දිසානායක

ඉන්ධන සහ ගෑස් හිගය ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම මුහුණ දී සිටින අර්බුදයක් බව කර්මාන්ත ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

 

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ද දැඩි ගෑස් හිගයක් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළ බව ද හෙතෙම පැවසීය.

 

බොරතෙල් නිපදවන රටක් නොවන ශ්‍රී ලංකාව ලෝකයම මුහුණ දෙන අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේදැයි ඇමැතිවරයා විමසයි.

මීට පෙරද ගෑස්, ඉන්ධන හිගයන් ඇති වූ නමුත් ඒ කිසිදු අවස්ථාවක ජනතාව කලබලයට පත් නොවූ බවත් මෙවර ඉන්ධන හිගයක් ගැන ඇමතිවරුන් පවා

 

ප්‍රකාශ නිකුත් කිරීම නිසා ජනතාව කලබලයට පත්වූ බවද හෙතෙම සඳහන් කළේය.

 

අද ඉන්ධන හිගයට හේතු වී ඇත්තේ ජනතාව කලබල වී අනවශ්‍ය පරිදි ඉන්ධන රැස් කිරීම බවත් ඔහු කියා සිටියි.

 

කෙසේ නමුත් පසුගිය දිනවල පැවැති තරම් ඉන්ධන පෝලිමක් අද දක්නට නැති බවද පැවසූ ඔහු කොළඹ සිට මහනුවරට දක්වා අද කිසිදු ඉන්ධනහලක පෝලිමක් නොතිබූ බවද පැවසීය.

views

940 Views

Comments

arrow-up