ගත වූ දිනය තුල පමණක් රුපියල් බිලියන 119.08ක් අච්චු ගහලා

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දිනය තුළ දී පමණක් රුපියල් බිලියන 119.08ක මුදලක් මුද්‍රණය කර ඇති බව වාර්තා වනවා.
එය මෙම වසරේ දිනක් තුළ මුද්‍රණය කළ වැඩිම වාර්තාගත මුදල ලෙසද සඳහන් වනවා.
මේ සමඟ 2022 වසර තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළට එකතු වූ මුල මුදල්මය වටිනාකම රුපියල් බිලියන 432.76ක් ලෙසට වාර්තා වනවා.
මේ වන විටත් ශ්‍රී ලංකාවේ වැඩි වෙමින් පවතින උද්ධමනයට මෙම මුදල් අච්චු ගැසීමද එක් හේතුවක් වී ඇති බවයි මූල්‍ය හා ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
851 Views
Comments