මහ බැංකුවේ සංචිත වත්කම් පහළ බසියි - රත්රන් සංචිත 70%කින් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය මාර්තු මාසයේදී 16.1%කින් පහළ ගොස් තිබෙනවා.
මහ බැංකුවේ නිල වාර්තාවකට අනුව මේ බව අනාවරණය කර තිබෙනවා.
2022 පෙබරවාරි මාසයේදී නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2311ක් ලෙස පැවති අතර එය මාර්තු මාසය අවසන් වන විට ඩොලර් මිලියන 1939ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එහිදී විදේශ විනිමය සංචිතය මාර්තු මාසය තුළදී ඩොලර් මිලියන 2026 සිට ඩොලර් මිලියන 1724 ක් දක්වා 14.9% කින් අඩු වී තිබෙනවා.
මේ අතර මාර්තු මාසයේ දී රන් සංචිතය ඩොලර් මිලිනය 98 සිට ඩොලර් මිලියන 28 දක්වා අඩු වී ඇති අතර එය 70%ක ප්‍රමාණයක පහළ යාමක් ලෙසයි සටහන් වී ඇත්තේ.
966 Views
Comments