අරගල බිමට පැමිණි ධම්මික ප්‍රසාද් පැය 24ක උපවාසයක් ආරම්භ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

අරගල බිමට පැමිණි ධම්මික ප්‍රසාද් පැය 24ක උපවාසයක් ආරම්භ කරයි

අරගල බිමට පැමිණි ධම්මික ප්‍රසාද් පැය 24ක උපවාසයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ‍ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන ධම්මික ප්‍රසාද් මහතා අද උදෑසන කාලයේ දී අරගලකරුවන්ගේ භූමිය වන ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි "ගෝටාගෝගම" පරිශ්‍රය වෙත පැමිණියා.

 

ඉන් අනතුරුව ඔහු එහිදී පැය 24ක අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

 

මෙම සත්‍යග්‍රහයට සහභාගී වීමට පෙර පසුගිය සෙනසුරාදා දිනයේ දී ඔහු මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිට කොච්චිකඩේ දේවස්ථානය දක්වා පා ගමනින් පැමිණ තිබුණා.

 

ඒ අප්‍ර්‍ේල් 21 පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු කරන ලෙස බල කරමිනුයි.

views

912 Views

Comments

arrow-up