විකුණාගත නොහැකිව දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි

විවිධ ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ගොවීන් මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටී.
අලුත් අවුරුද්ද ඉලක්ක කර වගා කළ එළවලු තොග මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙනවිත් ඇත.
ගොවීන් තම එළවළු තොග ඒ9 මාර්ගයේ තබාගෙන සිටින අයුරු දැකගැනීමට හැකිවූ අතර ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකි වීම නිසාවෙනි.
එම එළවලු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත්වලින් වෙළෙන්දන් නොපැමිණීම හේතුවෙන් ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකි වුවද එළවළු විශාල වශයෙන් අලෙවි නොවන බව ගොවීහන් පවසයි.
639 Views
Comments