අද ඩීසල් නැවක් එයි - මැයි 01 තෙක් සපුගස්කන්ද වහලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

අද ඩීසල් නැවක් එයි - මැයි 01 තෙක් සපුගස්කන්ද වහලා

අද ඩීසල් නැවක් එයි - මැයි 01 තෙක් සපුගස්කන්ද වහලා

ඉන්දියන් ණය ආධාර යටතේ ඩීසල් මෙටි‍්‍රක් ටොන් හතළිස්දහසක් රැගත් ඩීසල් නැවක් අද (02) මෙරටට පැමිණීමට නියමිතය.

 

ඩීසල් මෙටි‍්‍රක් ටොන් තිස්හත්දහස් පන්සියයක් රැගත් නැවක් පසුගිය 22 වැනිදා සිට පැමිණ ඇතත් එම නැවට මුදල් ගෙවීමට ඩොලර් නොමැතිකම නිසා ඊයේ (01) සවස් වනවිටත් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබිණි.

 

මේ අතර ඉන්දියන් ණය ආධාර යටතේ අද (02) පැමිණීමට නියමිත ඉන්ධන නැව අපේ‍්‍රල් 5 හෝ 6 පැමිණීමට නියමිතව තිබූ නැවක් බව තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

 

ඉන්දියන් ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 500ට අදාළව මේ වනවිට ඉන්දියාවෙන් පෙට‍්‍රල් සහ ඩීසල් නැව් 06ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවත් ඉතිරි මුදල්වලට සිදුවන දේ ගැන සඳහනක් නැති බවත් එම ආරංචි මාර්ග පවසයි.

 

බොර තෙල් නැවක් මෙරටට ළඟාවීමට නියමිතව පවතින්නේ ලබන මැයි 01 වැනිදායින් පසුව බවත් ඒ වනතෙක් සපුගස්කන්ද පිරිපහදුව වසා තැබීමට සිදුවන බවත් පැවසූ එම ආරංචි මාර්ග සපුගස්කන්ද වසා තැබීම නිසා ගුවන්යානා ඉන්ධන සහ භූමිතෙල් ද රටට ගෙන්වීමට සිදුව ඇතැයි ද වැඩිදුරටත් කීය.

views

694 Views

Comments

arrow-up