පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සීමාකර ලබාදෙන ලෙස චක්‍රලේකණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සීමාකර ලබාදෙන ලෙස චක්‍රලේකණයක්

පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සීමාකර ලබාදෙන ලෙස චක්‍රලේකණයක්

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් සිමාකර පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස සතොස ශාඛා කලමණාකරුවන්ට පාලන අධිකාරිය විසින් චක්‍රලේකණයක් මගින් උපදෙස් ලබාදි තිබේ.

 

මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු 110කට සහ ආනයනික පොන්නි සම්බා කිලෝවක් රු 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදිමට පියවර ගෙන ඇත.

 

සිනි කිලෝවක් රු 160කටත්, පරිප්පු කිලෝවක් රු 360ටත් සතොස ශාඛාවල අලෙවි කරන අතර පාරිභෝගිකයන්ට සිනි කිලෝවක් සහ රතු පරිප්පු ග්‍රැම්500 ලබාදෙන ලෙසයි පාලන අධිකාරිය වැඩි දුරටත් උපදෙස් ලබාදි තිබේ.

 

සතොස ශාඛාවල තිරිඟු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරිමට නොමැති බව පාරිභෝගිකයන් චෝදනා කරයි.

views

690 Views

Comments

arrow-up