අවුරුදු 16ක සිසුවාට හදිකල ගුරුවරිය අපේක්ෂිත ඇප ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

අවුරුදු 16ක සිසුවාට හදිකල ගුරුවරිය අපේක්ෂිත ඇප ඉල්ලයි

අවුරුදු 16ක සිසුවාට හදිකල ගුරුවරිය අපේක්ෂිත ඇප ඉල්ලයි

වයස අවුරුදු 16ක පාසල් සිසුවෙකු වසර 04ක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි  කියන සිදුවීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවටගත හොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධානපාසලක පරිගණක ගුරුවරිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ ඊයේ(18) අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත්කර තිබේ.

 

මේවන විට වයස 20ක් පමණ වන මෙම තරුණයා තමාට විවාහ යෝජනා කරන බවත් තමන් එයට අකමැති වීම නිසා ඔහු හා තමා එකට සිට ලබාගත් ඡායාරූප සහ වීඩියෝ පට තම නිවසට ලැබීමට සලස්වා ඇති බවත් පැමිණිලිකාරිය අපේක්ෂිත අයදුම්පත්‍රයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 

ඒ අනුව තමා වින්දිතයෙක් වී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධියේ පළමු පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවත් එම අපේක්ෂිත අයදුම්පත්‍රයෙන් අධිකරණයට කරුණු සඳහන් කර තිබේ.

 

මේ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට ලැබුණු තොරතුරු මත එසේ වුවහොත් තමන්ට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට මෙම අයදුම්කාරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

views

719 Views

Comments

arrow-up