ලොක්කන්ට සැප දෙන්න සැප වාහන තොගයක් ජනාධිපති කාර්යාලයට ගෙන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

ලොක්කන්ට සැප දෙන්න සැප වාහන තොගයක් ජනාධිපති කාර්යාලයට ගෙන්වයි

ලොක්කන්ට සැප දෙන්න සැප වාහන තොගයක් ජනාධිපති කාර්යාලයට ගෙන්වයි

පළාත් සභා සංචිත වල ඇති සුඛෝපභෝගී වාහන ජනාධිපති කාර්යාලය වෙත කැදවා ඇතැයි වාර්තාවේ.

 

දැනට වසර කිහිපයක් තිස්සේ පළාත්සභා විසුරුවා ඇති බැවින් ඒවායේ මහ ඇමතිවරුන්, අමාත්‍යවරුන් භාවිතා කරන ලද වාහන මෙලෙස කැඳවා ඇත.

 

ආණ්ඩුවේ තනතුරු දරන සහ ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටු වල සභාපතිධුරය දරන මන්ත්‍රීවරුන් සහ ආයතන ප්‍රධානීන් සඳහා වාහන ලබාදීමට මෙම කැඳවීම කර ඇත.

 

දැනට වාහන ආනයනය නතර කර ඇති හෙයින් එම පිරිස් වෙත වාහන ලබාදීමේදී රජය අපහසුතාවයට පත්ව සිටින අතර එය කළමනාකරණය කර ගැනීමට මෙලෙස වාහන කැඳවා ඇත.

views

669 Views

Comments

arrow-up