පෑවිල්ල උග්‍රයි.. ජල සැපයුම දින දෙකකට වරක් පමණයි..
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

පෑවිල්ල උග්‍රයි.. ජල සැපයුම දින දෙකකට වරක් පමණයි..

පෑවිල්ල උග්‍රයි.. ජල සැපයුම දින දෙකකට වරක් පමණයි..

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හේතුවෙන් ජල මංඩලය මගින් බේදාහරින ජලය දින දෙකකට වරක් ලබා දිමට ජල මණ්ඩලයේ හැටන් පාරිභෝගි මධ්‍යස්ථානය විසින් පියවර ගෙන ඇත.

 

 

මෙම තත්වයන් පිලිබදව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා හැටන් ජල පාරිභෝගික මධ්‍යස්ථානය ශබ්ද විකාශන යනුත්‍ර මගින් ප්‍රචාරටන් සිදු කරන අතර එම ප්‍රචාරයන් මගින් ඔවුන් පවසනුයේ හැටන් දික්ඔය ප්‍රදේශයන්ට ජලය සැපයෙන ප්‍රධාන ජලාශවන හැටන් සිංගිමලේ හා දික්ඔය ඔටරි ජලාශවල ජල මට්ටම් සිග්‍ර ලෙස පහල බැසිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

 

 

එම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍ර ලෙස පහල බැසිම හේතුවෙන් හැටන් හා දික්ඔය ප්‍රදේශයන්ට දින දෙකකට වරක් ජලය බේදා දිමට සිදුවන බවත් එම ජලය ඉතා පරිස්සමින් බාවිතා කිරිමට පියවර ගන්නා ලෙස සියලුම ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද හැටන් ජල පාරිභෝගික මධ්‍යස්ථානය ශබ්ද විකාශන මගින් ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.

views

636 Views

Comments

arrow-up