MAR
26
මෙරට දෙවැනි නැනෝ චන්ද්‍රිකාවත් කක්ෂගත කරයි

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් නිර්මාණය කල ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව පෙරේදා(24) පස්වරු 5.20ට පමණ කක්ෂගත කළ බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර ආයතන 05ක් ඒකාබද්ධව නිර්මාණය කර ඇති කිට්සුනේ ලෙස නම් කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාවේ ඉංජිනේරු තාක්ෂණික දායකත්වය ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින් ලබා දී තිබේ.
687 Views
Comments