ටීඑන්ඒ වෙතින් ආණ්ඩුවට යෝජනා පහක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ටීඑන්ඒ වෙතින් ආණ්ඩුවට යෝජනා පහක්

ටීඑන්ඒ වෙතින් ආණ්ඩුවට යෝජනා පහක්

දෙමළ ජාතික සන්ධානය සමග ඊයේ(25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්චාවක් පැවැත්වීය.

 

දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම,

නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම,

සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම,

ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම,

අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරමින් ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

 

දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර,

දීර්ඝ කාලයක් වගා සඳහා යොදාගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම,

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශණයක් සිදු කිරීම,

නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම,

උතුරු – නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන කරුණු 05ක් සම්බන්ධයෙන් මෙහිදී මෙළ ජාතික සන්ධානය රජයේ අවධානයට යොමු කෙරිණි.

 

මෙම අවස්ථාවට එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ එම්.ඒ සුමන්තිරන් යන මහත්වරු ඇතුළු එම සන්ධානයේ සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.

views

636 Views

Comments

arrow-up