ලංකාවේ සංචාරය අවදානම් බවට ඕස්ට්‍රෙලියාව හා කැනඩාවත් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබීම හේතුකොටගෙන බ්‍රිතාන්‍යය පසුගියදා සිය සංචාරකයින්ට ලංකාවේ ගමන් ගැන අනතුරු ඇඟවීමක් කරමින් දන්වා සිටියේ ලංකාවට ගියොත් අපහසුතා විඳින්නට සිදුවනු ඇති බව දන්වමිනි.
කැනඩාව හා ඔස්ට්‍රේලියාව යන රටවල්ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව ඔවුන්ගේ සංචාරකයන්ට අනතුරු අඟවා ඇත. ඒ අතරින් ඔස්ට්‍රේලියානු රජය ඔවුන්ගේ සංචාරකයන්ට අනතුරු අඟවා ඇත්තේ ශ්‍රී ලංකාවේ මේ දිනවල ක්‍රෙඩිට් කාඩ් වංචාවන් සහ අසාධාරණ ලෙස මුදල් අයකිරීම් බහුලව සිදුවන බවය.
විදේශිකයන් ඉලක්ක කොට ව්‍යාජ භාණ්ඩ අලෙවියද සිදුවන බවත් ඒ අතරින් මැණික් හා ස්වර්ණාභරණ විශේෂ බවද ඔවුන් දන්වා තිබේ.
631 Views
Comments