14 හැවිරිදි සිසුවිය කෙළෙසූ පාසැල් සිසුවා අත්අඩංගුවට

14 හැවිරිදි පාසල් දැරියකට අතවරයක් සිදු කිරීම හා එම දැරිය අපහරණය කිරීමේ චෝදනාව යටතේ 16 හැවිරිදි පාසල් සිසුවකු තිස්සමහාරාම පොලිසිය විසින් ඊයේ (31 ) අත්අඩංගුවට ගෙන තිබේ.
නවය පංතියේ ඉගෙනුම ලබන 14හැවිරිදි දැරියට මෙසේ අතවරයක් සිදු කළේ යැයි කියන සැකකාර සිසුවා 11වැනි පංතියේ ඉගෙනුම ලබන අයෙකි.
අතවරයට පත් දැරිය හා සැකකාර සිසුවා ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උපකාර පන්තිවලට පැමිණ දැන හදුනාගෙන තිබේ.
පසුව දෙදෙනා අතර මාස හයක පමණ කාලයක් පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව අනාවරණය විය. පසුව ඔවුන් දෙදෙනා පසුගිය 30 වැනිදා දෙමාපියන්ට නොදන්වා නිවසින් ගොස් තිබේ.
දැරිය නිවසින් අතුරුදහන් වීම පිළිබදව දැරියගේ දෙමාපියන් විසින් සොයා බැලීමේදී ඔවුන් මාතර බස් රථයකට නැග ගිය බව දැන ගන්නට ලැබී තිබේ.
ඒ අනුව දැරියගේ දෙමාපියන් මාතරට ගොස් ඔවුන් පිළිබදව සොයා බැලීමේදී මාතර බස් නැවතුම් පළේ රැඳී සිටියදී ඔවුන් සොයා ගෙන තිබේ.
පසුව ඔවුන් දෙදෙනා රැගෙන විත් තිස්සමහරාම පොලිසියට භාරදී පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව දැරිය සහ සැකකාර සිසුවා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිසුවා තිස්සමහාරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අතවරයට පත් වින්දිත දැරිය අධිකරණ නියෝග මත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට තිස්සමහරාම පොලිසිය මේ වනවිට පියවර ගෙන තිබේ.
825 Views
Comments