“මම රාජපක්ෂලට ණයත් නෑ, බයත් නෑ” - දිලිත් ජයවීර

වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදයේ නිර්මාතෘ වන්නේ හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා පවසයි.
ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට සිට ගෝඨාභය රාජපක්ෂ සමඟ සිටි තමා එම පත්වීමට දිගින් දිගටම එරෙහි වූ බවත් හෙතෙම අවධාරණය කරයි.
සෙසු ව්‍යාපාරිකයින් සේ තමා කිසිදු ආකාරයකින් කිසිදු දේශපාලනඥයකුගේ සහයකින් දියුණු නොවූ බවත් සියල්ල දිනාගත්තේ තම නිර්මාණාත්මක චින්තනයෙන් වන බවත් දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
තමා රාජපක්ෂලාට ණයත් නැති බයත් නැති පුද්ගලයෙකු බව පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමෙන් පවා තමා කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් බලාරොත්තු නොවූ නිසා යැයි ද හෙතෙම පවසයි.
774 Views
Comments