ඉන්ධන තිබියදී නිකුත් නොකළ තවලම ෂෙඩ් එකට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

ඉන්ධන තිබියදී නිකුත් නොකළ තවලම ෂෙඩ් එකට වැඩ වරදී

ඉන්ධන තිබියදී නිකුත් නොකළ තවලම ෂෙඩ් එකට වැඩ වරදී

ඉන්ධන පිරවුම්හල සඳහා ඉන්ධන ලැබී තිබිය දී පාරිභෝගිකයන්ට ඉන්ධන නිකුත් නොකිරීම නිසා තවලම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දකුණු පළාත් කළමනාකරු චන්දිමාල් එදිරිසිංහ මහතා පවසයි.



මේ පිළිබඳ හිනිදුම පොලිසිය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද චන්දිමාල් එදිරිසිංහ මහතා පැවසීය. මෙකී ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලීටර් 13200ක තෙල් බවුසරයක් ලැබි තිබුණි.

 

එහෙත් එමතෙල් බවුසරය වෙනත් ස්ථානයක තබාගෙන සිට පැය කිහිපයක් ප්‍රමාද වී ඉන්ධන පිරවුම්හල වෙත රැගෙනවිත් තිබූ බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

 

පසුව ප්‍රමාද වී රැගෙන එනු ලැබූ ඉන්ධන තොගය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා පොලිසියේ නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට කටයුතු කරනු ලැබීය.



මේ පිළිබඳ තෙල් බවුසරයේ රියැදුරු ගෙන් හා ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව හිනිදුම පොලිසිය පවසයි.



ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

views

713 Views

Comments

arrow-up