පැය 05ක් භූමිතෙල් පෝළිමේ සිට නිවසට ආ දෙදරු පියා අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

පැය 05ක් භූමිතෙල් පෝළිමේ සිට නිවසට ආ දෙදරු පියා අවසන් ගමන් යයි

පැය 05ක් භූමිතෙල් පෝළිමේ සිට නිවසට ආ දෙදරු පියා අවසන් ගමන් යයි

භූමිතෙල් මිලදී ගැනීමට හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පැය පහකට අධික කාලයක් පොලිමේ රැඳී සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු ඊයේ(27) අලු‍යම ඔහු පදිංචි නිවස තුළදීම මියගොස් ඇතැයි හැටන් පොලිසිය පවසයි.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් ක්‍රිෂ්ණසාමි නමැති 55 හැවිරිදි දෙදරු පියෙකි.

 

මියගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති විදියේ කුලී පදනම මත ලබාගත් වෙළෙඳසලක නිමි ඇඳුම් ව්‍යාපාරයක් සිදුකරගෙන යන බවත්, පසුගය 26 වැනිදා රාත්‍රි 7ට පමණ නිවසට අවශ්‍ය භූමිතෙල් ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හලේ පෝලිමට ගිය බවත් ඔහු 27 වැනිදා අලු‍යම 12.30 ට පමණ නිවසට පැමිණ තමන්ට දැඩි තෙහෙට්ටුවක් ඇතැයි පැවසූ බවත්, පසුව රාත්‍රි ආහාර ලබාගන්නා අවස්ථාවේ ඔහුට වමනය වූ බවත්, ඉන් අනතුරුව තම සැමියා එකවරම මියගිය බවත් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ පැවසුවාය.

 

තම සැමියාට මින් ඉහත කිසිදු රෝගී තත්ත්වයක් නොතිබුණු බවත්, භුමිතෙල් ලබා ගැනීමට පැය ගණනක් පොලිමේ රැඳී සිටීම හේතුවෙන් දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මෙසේ මියගිය බවත් මියගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ කියා සිටියාය.

views

686 Views

Comments

arrow-up