රටපුරා සියලු‍ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග බෙදා හැරීම නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

රටපුරා සියලු‍ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග බෙදා හැරීම නවතී

රටපුරා සියලු‍ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග බෙදා හැරීම නවතී

දිවයිනේ සියලුම ආර්ථික  මධ්‍යස්ථානවලට අද (28) දින එළවළු තොග බෙදා හැරීම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික  මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නුවරඑළිය විශේෂිත ආර්ථික  මධ්‍යස්ථානයේදී (26) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ රජයට එරෙහිව අද රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙළෙඳ පොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවීමට කටයුතු නොකරන ලෙසට කළ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවයි.

 

මීට වසරකට ප්‍රථම මේ රටේ සමස්ත ගොවියා දැඩි පීඩාවට පත් කිරීමට වත්මන් රජය පියවර ගත් බවත්, මේ වන විට රසායනික පොහොර මිල ඉහළ යාම, එළවළු බීජ ඇට වර්ග මිල ඉහළ යාම, කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ එළවළු මිල මේ වන විට ශීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ගොවීන් මේ වන විට කබලෙන් ලිපට වැඩි ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

views

643 Views

Comments

arrow-up