ඉන්දීය නාවික සබ්මැරීනයක් ශ්‍රී ලංකාවේ සංචාරයක

හෙට (19) දිනයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් සබ්මැරීන් යාත්‍රාවක් සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව බව වාර්තා වේ.
9 වන ජාත්‍යන්තර යෝගා දින සැමරුම වෙනුවෙන් එය මෙහෙයුම් සංචාරයක නිරත වීම සඳහා මෙරටට පැමිණෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
'වාගීර්' නම් මෙම සබ්මැරීනය හෙට සිට ලබන 22 දක්වා මෙරටදී මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත අතර එහිදි ඉන්දීය සබ්මැරීන යාත්‍රාවේ අණදෙන නිලධාරීවරයා සහ බටහිර නාවික විධානය භාර ආඥාපතිවරයා අතර හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
මෙම ඉන්දීය සබ්මැරීනය පාසල් සිසුන් සහ නරඹන්නන් වෙත ප්‍රදර්ශනයට විවෘත කිරීම සඳහා ද මේ වන විට සැලසුම් කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
220 Views
Comments